කුඩු ජාවාරමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Monday, 04 April 2016 - 12:57

%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දකුණු මුහුදේදී පොලිස් භාරයට ගනු ලැබූ රුපියල් කෝටි 100 කුඩු ජාවාරමේ මෙරට මෙහෙයුම්වල නිරතවූ ප්‍රබලයින් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරවීමෙන්  පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළා.

මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අද අලූයම කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන්දියාවේ සිට පැමිණි අවස්ථාවේදියි.

මොහු කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි මොහොමඞ් මුවාස් මොහොමඞ් නැමති පුද්ගලයෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ. මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදීයි අත්අඩංගුවට ගත් සෙසු සාමාජිකයන් පිළිබඳව කරුණු හෙලිවී ඇත්තේ.

ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 110ක් දකුණු මුහුදේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුවයි.

පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් තිබුණේ ඉරාන නෞකාවකින්.

අදාළ යාත්‍රාවේ සිටි පාකිස්තාන ජාතිකයෙකු සහ ඉරාන ජාතිකයින් දස දෙනෙකු ඇතුළු 14 දෙනෙක් මෙහිදී අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කෙරෙනවා.

මේ අතර යාපනය - කොඩිකාමම් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 95 ක් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් මේවා ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් භාරයට ගත් බවයි.

එම අවස්ථාවේදී සැකකරු යතුරුපැදිය දමා පලාගොස් තිබෙනවා.

මීට පෙරද යාපනය ප්‍රදේශයේදීම කේරළ ගංජා කිලෝග්‍රෑම් 100 ක් සොයාගත්තේ ඒවා අලෙවි කිරීමට සූදානම් කර තිබියදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories