හෙරොයින් මත්ද්‍රව්‍ය ළග තබා ගත් පුද්ගලයින් කිහිපදෙනෙකු කොළඹදී අත්අඩංගුවට

Tuesday, 05 April 2016 - 9:22

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%85%E0%B6%9C+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පෑලියගොඩ - බොරැල්ල සහ කොම්පඤ්ඤවීදිය යන ප්‍රදේශවල ඊයේ දිනයේ පොලිසිය සිදුකරන ලද වැටලීම්වලදී හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ - කළුපාලම අසලදී හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 10 ක් ළග තබා සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර කොම්පඤ්ඤවීදිය - වොක්ෂෝල් වීථියේදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 600 ක් ළග තබා සිටි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

මීට අමතරව බොරැල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේදී හෙරොයින් ග්‍රෑම් 8 යි මිලිග්‍රෑම් 320 ක් ළග තබා සිටි පුද්ගලයෙකු බන්ධනාගාර නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිසිය වෙත භාරදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories