ඩෙටනේටර් රැගෙන මුහුුදු යාමට සැරසුණු 3 දෙනෙකු මන්නාරමේදී අත්අඩංගුවට

Tuesday, 05 April 2016 - 9:23

%E0%B6%A9%E0%B7%99%E0%B6%A7%E0%B6%B1%E0%B7%9A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මන්නාරම නාවික හමුදා කදවුර අසල මුහුදු තීරයේදී සේවා නූල් සවිකළ විදුලි නොවන ඩෙටනේටර් 19 ක් සේවා නූල් 14 ක් සහ ගිනි පෙට්ටි සමග ඇන්ජිම සහිත බෝට්ටුවකින් මුහුදු යාමට සූදානම්ව සිටි සැකකරුවන් 3 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම - සවුත්බාර් නාවික කදවුරේ නිලධාරින් අත්අඩංගුවට ගත් මොවුන් මන්නාරම පොලිසිය වෙත භාරදී ඇති අතර ඔවුන් මන්නාරම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

සැකකරුවන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories