මහින්ද - රනිල් හමුවක්

Wednesday, 06 April 2016 - 7:51

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ලබාදී තිබූ හමුදා සෙබලූන් පිරිසක් ඉවත් කර ඒ වෙනුවට පොලිස් නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදා සිටි හමුදා නිලධාරීන් ඉවත් කර ඒ වෙනුවට පොලීසිය යොදවා ඇති බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය ද තහවුරු කළා.

මේ අතර හිටපු ජනාධිපතිවරයාට ලබාදී තිබූ හමුදා ආරක්ෂාව ඉවත් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පැවිදි හඬ සංවිධානය ද ඊයේ චෝදනා කළා.

එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදියි.

අප මේ සම්බන්ධයෙන් වැඩබලන හමුදා ප්‍රකාශක කර්නල් මනෝජ් ළමාහේවාගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ මෙතෙක් යුද හමුදාව ඒ සම්බන්ධයෙන් දැනුවත් වී නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories