Update : සෙල්ලකතරගමදී ඝාතනයට ලක්වුණේ කෙසෙල් ව්‍යාපාරිකයෙක්

Wednesday, 06 April 2016 - 10:04

Update+%3A+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
සෙල්ලකතරගම - බුත්තල මාර්ගයේ මරු වංගුව අසළ ඇළ මාර්ගයක තිබී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කරන ලද පිරිමි මළ සිරුරු දෙකක් පොලිසිය අද (06) උදෑසන සොයා ගත්තා.

මෙලෙස ඝාතනය කර ඇති දෙදෙනා අවුරුදු 45 සහ 50 යන වයස් සීමාවල පසුවන තිස්සමහාරාම - මුනිසම්මාගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මියගිය එක් පුද්ගලයෙකු කෙසෙල් වගාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

අනෙක් පුද්ගලයා ඔහුගේ සේවකයෙකු වන අතර, මොවුන් ඊයේ රාත්‍රීයේ යතුරුපැදියෙන් යමින් සිටියදී මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

යතුරුපැදිය ද එම ස්ථානයේ තිබී සොයා ගැණුනා.

ඝාතනය සිදුකළ පුද්ගලයින් සහ මොවුන් අතර, පොර බැදීමක් ද සිදුව තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔවුන් සොයා කතරගම පොලිසිය විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.


Update : Wednesday, April 6, 2016 13.32
---------------------------------------------

සෙල්ලකතරගම - බුත්තල මාර්ගයේ මරු වංගුව අසළ ඇළ මාර්ගයක තිබී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කරන ලද පිරිමි මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇති දෙදෙනා අවුරුදු 45 සහ 50 යන වයස් සීමාවල පසුවන්නන් බවයි පොලීසිය සදහන් කළේ.

තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් කුමන හේතුවක් මත ඝාතනය කර ඇත්ද යන්න පිළිබඳ අනාවරණ වී නැහැ.

කෙසේ වෙතත් මොවුන් දෙදෙනාගේ මළ සිරුරු තිබූ ඇළ මාර්ගය ආසන්නයේ තිබී යතුරුපැදියක් ද පොලීසිය සොයාගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories