විමල් සහ සෝමවංශ සමථයකට

Thursday, 07 April 2016 - 8:10

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B7%83%E0%B6%B8%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ ජනතා විමුක්ති  පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ අතර පැවති නඩුවක් කොළඹ වානිජ මහාධිකරණයේදී සමථයකට පත්වුණා.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් රචිත නැත්ත වෙනුවට ඇත්ත කෘතිය ජනතා විමුක්ති පෙරමුණේ අවසරයකින් තොරව පළ කර ඇති බවට පවසමින්, එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ කොළඹ වානිජ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා.

එමඟින් සෝමවංශ අමරසිංහ ඉල්ලා තිබුණේ මෙම ග්‍රන්ථය මුද්‍රණය හා බෙදාහැරීම නවතන ලෙසයි.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගෙන් මිලියන 100 ක වන්දියක්ද ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් අදාළ නඩුව කොළඹ වානිජ මහාධිකරණයේදී කැඳවූ අතර, එය දෙපාර්ශවයේම කොන්දේසි සහිතව සමථයකට පත්වීම විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories