අනතුරු දෙකකින් පස්දෙනෙකු මරුට

Thursday, 07 April 2016 - 8:06

%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කැකිරාව සහ දඹුල්ල ප්‍රදේශවල ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කැකිරාව - ගල්නෑව - සේනපුර ප්‍රදේශයේදී  යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී ඊයේ පස්වරුවේ සිදුවූ  අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගියා.

යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙකු අනතුර සිදුවූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර, බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මියගියේ සේනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

ඔවුන්  අවුරුදු 43, 32 සහ 27 යන වයස්වල පසුවන කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මේ අතර දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ හිරිවඩුන්න ප්‍රදේශයේදී සුඛෝපභෝගී ජීප් රථයක ගැටී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයක ගමන් ගත් දෙදෙනෙකු මියගියා.

මොවුන් අවුරුදු 35 සහ 42 යන වයස්වල පසුවන හිරිවඩුන්න ප්‍රදේශයේම පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් ගත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories