බ්‍රසල්ස් ප්‍රහාරයේ අලුත්ම වීඩියෝවක් එළියට

Friday, 08 April 2016 - 10:28

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ නවතම වීඩියෝ පටයක් ආරක්ෂක අංශ විසින් අනාවරණ කර තිබෙනවා.

ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනා සමග පැමිණෙන ප්‍රධාන සැකකරු පිපිරීමෙන් පසු පළායන ආකාරයකුයි එම වීඩියෝවේ දැක්වෙන්නේ.

එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේවන විට විශේෂ විමර්ශනයක් සැලසුම් කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

පසුගිය මාර්තු මස 22 වනදා බ්‍රසල්ස් නුවර ගුවන්තොටුපලට සහ දුම්රිය ස්ථානයකට එල්ලවු ප්‍රහාරවලින් පුද්ගලයන් තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා.

ප්‍රහාරය සිදුවීමත් සමග ප්‍රධාන සැකකරු පළායනය ආකාරය වීඩියෝවෙන් දැක්වෙන බවයි ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ.

එම වීඩියෝවේ සිටින සැකකරු හඳුනා ගතහොත් ඒ පිළිබඳ දැනුවත් කරන ලෙසට ද බ්‍රසල්ස් ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories