අයි එස් සංවිධානය සිරියාවේ කම්හල් සේවකයන් 200 ක් පැහැර ගනී

Friday, 08 April 2016 - 8:12

%E0%B6%85%E0%B6%BA%E0%B7%92+%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+200+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අයි එස් සන්නද්ධ කණ්ඩායම් සිරියාවේ දමස්කස් නුවර තදාසන්නයේ සිමෙන්ති කම්හලකට ප්‍රහාරයක් එල්ල කොට එහි සේවකයන් 200 කට වැඩි පිරිසක් පැහැර ගෙන ගොස් තිබෙනවා.

කම්හලේ සිය නිවහන්වල රැදී සිටියදී පැහැර ගත් මෙම සේවකයන් පිළිබදව මෙතෙක් තොරතුරක් වාර්තා වී නොමැති බවයි ඔවුන්ගේ ඥාතීන් සහ සිරියානු රජය ප්‍රකාශ කළේ.

සිරියානු රජයේ හමුදා විසින් පසුගියදා ඓතිහාසික පැල්මයිරා නගරය යළි සියතට ගැනීමට සමත් වුණා.

ඉන් අනතුරුව දමස්කස් ආසන්නයේ මෙවැනි ගැටුම් නිරන්තරයෙන් වාර්තා වනවා.

මේ අතර සිරියානු කැරලිකාර කණ්ඩායමක් තුර්කි දේශසීමාව ආසන්නයේ පිහිටි උපක්‍රමීය නගරයක් අත්පත් කර ගෙන තිබෙනවා.  

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories