අධික උෂ්ණත්වයෙන් සිය දෙනෙකු මරුට

Friday, 08 April 2016 - 9:51

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B7%82%E0%B7%8A%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අධික උෂ්ණත්වය හමුවේ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

තෙලන්ගානා සහ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තවලට පවතින උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

මියගිය පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් මරණයට පත්වී ඇත්තේ පසුගිය සතියේදීයි.

ඉන් 66 දෙනෙකු තෙලන්ගානා ප්‍රාන්තයේ වන අතර 45 දෙනෙකු අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේයි.

මේවන විට එම ප්‍රාන්තවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ඉක්මවා තිබෙනවා.

පසුගිය සතියේ මෙම ප්‍රාන්තවල උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ ගිය බවයි ඉන්දීය කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ අන්ද්‍රා සහ තෙලන්ගානා ප්‍රාන්තවලට බලපෑ උෂ්ණාධික කාලගුණයෙන් දෙදහසකට වැඩි පිරිසක් මරණයට පත්වුනා.

ඉන් වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වුයේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙනුයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories