අසැබි වීඩියෝ ප්‍රසිද්ධ කරන බවට බිය කර තරුණියකට කල අපරාධය

Friday, 08 April 2016 - 12:00

%E0%B6%85%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%92+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA
තරුණියක් මාස කිහිපයක් පුරා සමුහ දුෂණයකට ලක් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණිය දුෂණය කල ආකාරය වීඩියෝ ගතකර ඇති සැකකරුවන් එය ප්‍රසිද්ධ කරන බවට පවසා දිගින් දිගටම ඇය අපයෝජනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධියට අදාළ සැකකරුවන් හත්දෙනා පසුගිය සඳුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරක්ෂක අංශ සැක පළකරන්නේ මෙම තරුණිය දුෂණය කිරීමේ සිද්ධියට තවත් පිරිසක් සම්බන්ධ වන්නට ඇති බවටයි.

මෙම තරුණිය ඇයගේ සොහොයුරාගේ මාර්ගයෙන් හඳුනා ගත් අයෙක් ඇය මුලින්ම දුෂණය කර ඇතැයි සඳහන්.

අනතුරුව ඔහු ඇය සම්බන්ධයෙන් මත්පැන් අලෙවි සැලකදී සිය මිතුරන් ද දැනුවත් කර ඔවුන් ද තරුණිය හමුවට රැගෙන ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

දිනක් ඇය මෙම පිරිසට තම විරෝධය පළ කිරීම හේතුවෙන් ඔවුන් ඇයට පහරදී තිබෙනවා.

එම සිද්ධිය දුටු අයෙක් විසින් පොලිසියට කල දැනුම්දීමකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය පුවත් සේවා ප්‍රකාශ කලේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories