විදේශ මුදල් තැන්පතුවලින් ප්‍රයෝජන ලැබූ බව බ්‍රිතාන්‍ය අගමැති පිළිගනී

Friday, 08 April 2016 - 14:08

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පැනමාලීක්ස් හෙවත් පැනමාවේ විදේශ මුදල් තැන්පතු පිළිබද මාධ්‍ය හෙළිදරව්වෙන් එල්ල කළ චෝදනා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පිළිගෙන තිබෙනවා.

බදු පැහැර හැරීම ඇතුළු හේතූන් මත ඩොලර් කෝටි ගණනක මුදල් විවිධ රටවල ප්‍රකට පුද්ගලයන් පැනමාවේ ෆොන්සීකා නීති සමාගමේ රැකවරණය යටතේ තැන්පත් කර තිබූ බව පසුගියදා අනාවරණ වුණා.

එහිදී හෙළිදරව් කළ රාජ්‍ය නායක ලැයිස්තුවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ද ඇතුළත්.

අගමැති කැමරන් කියා සිටියේ තම පියාගෙන් පවුම් 30,000 ක එවැනි අරමුදලක් තමන්ට ද උරුම වූ බවයි.

කෙසේ නමුත්, අගමැති ධුරයට පත්වීමට පෙර  2010 වසරේදී අදාළ විදේශ මුදල් අරමුදල විකුණා දැමූ බවයි අගමැති කැමරන් ප්‍රකාශ කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories