ඉන්දු පාකිස්තාන සාම සාකච්ඡා ඇණ හිටී

Friday, 08 April 2016 - 15:53

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%87%E0%B6%AB+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%93
ඉන්දියාව සමඟ පවතින සාම සාකච්ඡා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පාකිස්තානය පවසනවා.

ඉන්දියාවේ, පාකිස්තාන මහකොමසාරිස් අබ්දුල් බසීඞ් පවසන්නේ දෙරටේ විදේශ ලේකම්වරුන් අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා ද අවලංගු කර ඇති බවයි.

පසුගිය ජනවාරි මාසයේදී ඉන්දීය ගුවන් හමුදා කදවුරකට එල්ල වූ ප්‍රහාරයත් සමඟම දෙරටේ රාජතාන්ත්‍රික කටයුතු ඇණ හිටියා.

එම ප්‍රහාරය පාකිස්තානයේ සිට ක්‍රියාත්මක ත්‍රස්ත කණ්ඩායමක් විසින් සිදුකළ එකක් බවටයි ඉන්දියාව චෝදනා කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories