ප්‍රභූ ආරක්ෂාවට හමුදාව නෑ

Saturday, 09 April 2016 - 6:52

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%96+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%91
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කණ්ඩයට සහකාර පොලිස් අධිකාරිවරුන් තිදෙනෙකු අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.

ඔවුන් ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරනා නිලධාරීන් වන අතර නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය මත මෙම පත්කිරීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද පනාගොඩ යුද හමුදා කඳවුරේ  පැවති උත්සවයකට එක්වෙමින් පැවසුවේ ඉදිරියේදී කිසිදු ප්‍රභූවරයෙකුට හමුදා ආරක්ෂාව ලබා නොදීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories