ටියුබ් බල්බයක් ගිල දැමූ පාසල් සිසුවෙකු රෝහලේ

Saturday, 09 April 2016 - 7:32

%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B6%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
උත්සව සැණකෙලියක දුටු දර්ශනයක් අනුකරණය කරමින් ටියුබ් බල්බයක් ගිල දැමීමට ගොස් අනතුරට පත්වීමෙන් රෝහල් ගත කළ පාසල් සිසුවෙකු පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ අනුරාධපුරය - රාජාංගනය - යාය 16 ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවෙක්.

මේ වන විට එම සිසුවා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. අනුරාධපුර ප්‍රදේශයේ මීට සතියකට පමණ පෙර උත්සව සැනකෙලියක් පවත්වා තිබෙනවා.

එහිදී කිසියම් පුද්ගලයෙකු ටියුට් බල්බයක් ගිල දමන අයුරු පෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.

එම සිදුවීම මෙම පාසල් සිසුවා ඇතුළු තවත් පාසල් සිසුන් කිහිප දෙනෙකු නරඹා ඇති අතර, පසුව එය එය මෙම පාසල් සිසුවා අනුකරණය කිරීමට යාමේදියි මෙම අනතුර සිදුව ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories