සම්බාහනය මුවාවෙන් වෙනත් වැඩක් කරලා

Sunday, 10 April 2016 - 6:37

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
වැල්ලවත්ත ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් තුන් දෙනෙකු සහ එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුනු තොරතුරකට අනුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මතයි ඊයේ රාත්‍රී වැල්ලවත්ත පොලිසිය මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට පත්වු වයස අවුරුදු 22 / 24 සහ 29 වයස්වල පසුවන කාන්තාවන් හලාවත / අක්මීමන සහ පනාගොඩ ප්‍රදේශවල පදිංචිකාරියන් බව සඳහන්.

ඔවුන් අද අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැල්ලවත්ත පොලිසිය විමර්ශණ සිදුකරනු ලබනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories