අගමැති යළි දිවයිනට

Sunday, 10 April 2016 - 7:01

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
චීනයේ නිල සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු ධුත පිරිස දිවයිනට පැමිණ තිබෙනවා.

අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කලේ අග්‍රාමාත්‍යවරයා ඇතුලු පිරිස අද අලුයම 12.15 ට පමණ තායි ගුවන් සේවයේ යානයකින් කටුනායකට පැමිණි බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේදී ලංකාවේ සංවර්ධනයට වැදගත් වන සාකච්ඡා රැසක් සිදුව තිබුනා.

පෝට් සිටි හෙවත් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් සාර්ක් කලාපයේ අනෙකුත් රටවල ආරක්ෂාවට තර්ජනයක් වීමට කිසිසේත් ඉඩ නොතබන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ චීනයේ තුන්දින නිල සංචාරයේ ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා බීජිං නුවරදී පැවති මාධ්‍ය හමුවකදීයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories