කතක් මරා ඝාතකයා දුම්රියට පනී

Sunday, 10 April 2016 - 7:19

%E0%B6%9A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
වෙන්නප්පුව - උල්හිටියාව ප්‍රදේශයේදී කාන්තාවක ඝාතනය කළ පුද්ගලයෙකු දුම්රියකට පැන සියදිවි නසාගෙන තිබුණා.

ඊයේ පස්වරුවේ මෙලෙස 32 හැවිරිදි අදාළ කාන්තාව ඝාතනය කර ඇති එම පුද්ගලයා නාත්තණ්ඩිය දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ සිට හලාවත බලා ධාවනය වූ දුම්රියකට පැන දිවි නසාගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 38 ක්.

අනියම් සබඳතාවක් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සැක කරනවා.

අප වාර්තාකරු සඳහන් කලේ දුම්රියට පැන සිය දිවි නසාගත් පුද්ගලයා පිළිබඳ දැනුම් දීමට ඔහු පදිංචි නිවසට ගිය අවස්ථාවේදී මියගිය කාන්තාවගේ සිරුර හමුවී ඇති බවයි.

මියගිය පුද්ගලයා මීට පෙර විවාහ වී ඇති අයෙක් වන අතර ඔහුගේ බිරිඳ ඉතාලියේ සේවය කරන බව සඳහන්.

මරණයට පත්ව ඇති කාන්තාව ද විවාහ වී ඇති එක් දරු මවක් බවටයි අනාවරණ වී ඇත්තේ.

මීට මාස කිහිපයකට පෙර එම කාන්තාව දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති පුද්ගලයාගේ නිවසේ පදිංචියට පැමිණ තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන් දෙදෙනා නිත්‍යානුකුලව විවාහ වී නොමැති බව ද සඳහන්.

මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර මාරවිල පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories