චීනයට එරෙහිව යාපනයේ උද්ඝෝෂණයක්

Sunday, 10 April 2016 - 7:36

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වූවන් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත චීන නිවාස ව්‍යාපෘතිය නතර කිරීම ඇතුළු ඉල්ලීම් 03 ක් මුල්කරගනිමින් ප්‍රදේශයේ ජනතාව යාපනය නගරයේදී ඊයේ උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා.

අදාළ නිවාස පළාතේ දේශගුණයට, සංස්කෘතියට හා ආරක්ෂාවට නොගැලපෙන බවයි උද්ඝෝෂකයන් පෙන්වා දුන්නේ.

යාපනයේ චුන්නාකම් වැසියන්ගේ පානීය ජල ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙසද උද්ඝෝෂකයන් ඉල්ලා සිටියා.

එසේම, ත්‍රිකුණාමලය සාම්පූර් නගරයේ ඉන්දීය රජය මගින් ඉදිකරන තාපවිදුලි බලාගාරය නතර කරන ලෙස ඉල්ලා සිටීමද උද්ඝෝෂකයන්ගේ තවත් අරමුණක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories