බෙල්ජියම් ප්‍රහාරයේ සැකකරුවෙක්ගෙන් පාපොච්චාරණයක්

Sunday, 10 April 2016 - 11:40

%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බෙල්ජියමේ - බ්‍රසල්ස් නුවර ගුවන් තොටුපලට සහ උමං දුම්රිය ස්ථානයට පසුගිය මාර්තු 22 වනදා එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඞ් අබ්රිනී නැමති ත්‍රස්තවාදී සැකකරු පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.

බෙල්ජියම් බලධාරීන් ප්‍රකාශ කළේ ගුවන් තොටුපලට එල්ලවූ ප්‍රහාරයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ සී සී ටීවී දර්ශනවල දක්නට ලැබුණු තොප්පියක් පැළඳි පුද්ගලයා තමන් බවයි.

ප්‍රහාරයෙන් පසු තම කබාය කුනු කූඩයක දමා තොප්පිය විකුණා දැමූ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මොහොමඞ් අබ්රිනී බ්‍රසල්ස් ප්‍රහාරයට මෙන්ම පුද්ගලයන් 130කු මරුමුවට පත් කරමින් පසුගිය නොවැම්බරයේ පැරීසියට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන්ද අවශ්‍ය සැකකරුවෙකු බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories