වරායේ සේවක වර්ජනයෙන් දින 5ක පාඩුව මිලියන 800ක්

Monday, 11 April 2016 - 7:32

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+5%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+800%E0%B6%9A%E0%B7%8A
අලූත් අවුරුදු ප්‍රසාද දීමනාව වැඩි කිරීම ඇතුලූ ඉල්ලීම් 5 ක් මුල් කරගනිමින් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කළ වර්ජනය හේතුවෙන් දින 5 ක් තුළ වරාය අධිකාරියට රුපියල් මිලියන 800 ක පාඩුවක් සිදුවී ඇති බව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි සම කැඳවුම්කරු ලාල් බංගමුවගේ කියා සිටියේ සිය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් කැඳවීමක්ද ලැබී ඇති බවයි.

මෙම ගැටළුවලට විසඳුම් ඉල්ලමින් ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයන් හතරදෙනෙකු වරාය අංක තුන අපනයන දොරටුව මත හිඳ ගනිමින් ඊයේ පස්වරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

අග්‍රාමාත්‍යවරයා ලබාදුන් සාකච්ඡාවේදී තම ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් උපවාසය අඛන්ඩව පවත්වාගෙන යන බවයි එහි සම කැඳවුම්කරු ලාල් බංගමුවගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කරමින් ටග් යාත්‍රා අංශයේ සහ නියමු අංශයේ සේවකයන් ඊයේ සේවයෙන් ඉවත්ව වර්ජනයක නිරත වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමානාකාර අධ්‍යක්ෂ සරත් කුමාර ප්‍රකාශ කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය කඩාකප්පල්කාරි ක්‍රියාවක් බවයි. ඊට අදාළව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories