පෝට් සිටියේ නොවිසදුණු ගැටළුවලට කඩිනමින් විසදුම්

Tuesday, 12 April 2016 - 12:44

%E0%B6%B4%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙතෙක් නොවිසඳුණු කරුණු පිළිබඳව කඩිනමින් එකඟත්වයකට පැමිණීමට අපේක්ෂා කරන බව චීනය පවසනවා.

මහජන චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කෑංග් මේ බව ප්‍රකාශ කළේ බීජිං නුවර ඊයේ පැවැති දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ දෙපාර්ශය ඒ පිළිබද අඛණ්ඩව අදහස් හුවමාරු කර ගන්නා අතර කඩිනම් විසදුමක් තුළින් ව්‍යාපෘතිය නුදුරේදීම යළි ආරම්භ කිරීමට හැකි වනු ඇති බවයි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර සබදතා සැමවිටම සමාන, අනෝන්‍ය අවබෝධයෙන් යුත් දෙපාර්ශවයටම වාසි සැලසෙන සබඳතාවක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනය සඳහා චීනයේ ප්‍රමුඛ සහයෝගය ලබා ගැනීම සඳහා ලක් රජය තවදුරටත් ක්‍රියාකාරීව කටයුතු කරනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා අවධාරණය කළා.

ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ චීන චාරිකාවේදී එකඟත්වයක් ඇති වූ බවයි ඔහු පෙන්වා දුන්නේ.

චීන සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා අග්‍රාමාත්‍යවරයා සිදුකළ ආරාධනය ද චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා මෙහිදී සිහිපත් කළා.

මේ අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සිය අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ චීන සමාගම සහ ශ්‍රී ලාංකික සමාගමක් එක්වූ නව සමාගමක් යටතේ පෝට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කරනු ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories