විදුලි නියෝජ්‍ය ඇමතිගෙන් අලූත් අවුරුද්දට ප්‍රාර්ථනයක්

Tuesday, 12 April 2016 - 18:35

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අලූත් අවුරුද්ද එළඹෙන හෙට සහ අනිද්දා යන දින දෙක තුළ කිසිදු විදුලි කප්පාදුවක අවශ්‍යතාවක් නොමැති බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා.

අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට අමාත්‍යවරයා සඳහන් කළේ විදුලි බලාගාර ආශ්‍රිත තාක්ෂණික දෝෂයක් ඇති නොවුනහොත් විදුලිය අඛණ්ඩව ලබාදීම සිදුකරන බවයි.

නොරොච්චෝලේ තාප බලාගාරයේ තුන්වන විදුලිජනන යන්ත්‍රය ඊයේ සිට අක්‍රියව පවතින බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කළා.

එහෙත් එය මේ දිනවල විදුලි සැපයුමට බාධාවක් නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් මෙරට විදුලිබල පද්ධතියට එක්කෙරෙනවා.

එමෙන්ම නොරොච්චෝලේ තාප බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයෙන් නිපදවන්නේ ද නියමිත ප්‍රමාණයට වඩා අඩු ධාරිතාවක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම පවතින විදුලි අර්බුදයට පිලියම් ලෙස මෙගාවෙට් 55ක විදුලි ධාරිතාවක් පෞද්ගලික බලාගාරවලින් ලබාගැනීම සඳහා ටෙන්ඩර් කැදවා ඇති අතර එම ටෙන්ඩර් අද දිනයේ විවෘත කරන බවත් ඔහු ප්‍රකාශ කළා.

මේ අතර ඉදිරි දින කිහිපය තුළදී ජලය අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කරන මෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එහි සාමාන්‍යාධිකාරී රංජිත් බාලසූරිය කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ජල සැපයුමට බාධාවක් සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories