UPDATE: පුණ්‍ය කාලය අපරභාග 1.24 ට ඇරඹේ

Wednesday, 13 April 2016 - 6:58

UPDATE%3A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AB%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+1.24+%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A

 සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද උදාවීම සඳහා තවත් ඇත්තේ හෝරා 08 කට ආසන්න කාලයක්.

අපරභාග 1.24 ට පුණ්‍ය කාලය ආරම්භ වන අතර එය හෙට (14)පූර්වභාග 2.12 ට අවසන් වනු ඇති.

සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ කාලය හෙවත් සංක්‍රාන්ති සමය ලෙස ද මෙය හඳුන්වනවා.

සියලූ වැඩ අවසන් කර ආගමික වතාවත්වල නිරතවීම මෙම කාලය තුළ යෝග්‍ය බවයි ජ්‍යොතිශයේ දැක්වෙන්නේ.

අලූත් අවුරුදු උදාව සිදුවන්නේ අද අපරභාග 7.48 ටයි.

අලූත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අපරභාග 8.06 ට යෙදී තිබෙනවා.

ළා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා එළකිරි මිශ්‍ර කිරි බතක්ද මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙල කර ගැනීම යෝග්‍ය බවයි නැකත් චාරිත්‍රවල දැක්වෙන්නේ.

වැඩ ඇල්ලීම ගණුදෙනු කිරීම සහ ආහාර අනුභව නැකත යෙදී ඇත්තේ අපරභාග 8.54 ටයි.

අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 16 වැනිදා පූර්වභාග 10.41 ට යෙදී තිබෙනවා.

අලූත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 18 වන සඳුදා පූර්වභාග 06.27 ටයි.

මේ අතර සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද නිමිත්තෙන් රුහුණු කතරගම මහා දේවාලයේ කිරි ඉතිරවීමේ මංගල්‍යය අද උදෑසන 10.30 ට සිදුකෙරුණේ ප්‍රධාන පූජාවෙන් අනතුරුවයි.

චාරිත්‍රානුකූලව පරන අවුරුද්දේ නැකතට අනුව දේවාලය ඉදිරිපිටදී කිරි ඉතිරවීමේ මංගල්‍යයෙන් අනතුරුව හෙට සවස් වරුව දක්වා දේවාලය වසා තැබෙන බවයි කතරගම හිරු වාර්තාකරු කේ ඩි දේවප්‍රිය සඳහන් කළේ.

----------------------------------------------------------------------------
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද අද (13)උදාවනවා.

පුණ්‍ය කාලය ආරම්භ වන්නේ පස්වරු 1.24ටයි.

ඊට පෙර කා බී සියලු වැඩ අත්හැර පුණ්‍ය කාලයේ පළමු කොටසේදී ආගමික වතාවත්වල යෙදිය යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන්.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේදී චාරිත්‍ර ඉටුකිරීම සඳහා නැකැත් යෙදී ඇත්තේ පුණ්‍ය කාලයේ අපර කොටසේදීයි.

අලුත් අවුරුද්ද උදාව පස්වරු 07.48ට යෙදී තිබෙනවා.

ආහාර පිසීමේ නැකත උදාවන්නේ පස්වරු 8.06ටයි.

එම අවස්ථාවේදී කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා ගිතෙල් මිශ්‍ර කිරිබතක් ද මුං මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙළ කරගත යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන්.

8.54ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ආහාර අනුභවයල ගනුදෙනු සහ වැඩඇල්ලීම කළ යුතු වනවා. 

උදාවන සිංහල - දෙමළ අලූත් අවුරුද්ද වාද භේද නොමැති සමගිය පිරුණු රටක් ලෙස සැමරීමට ශක්තිය ලැබේවායී අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩය මගින් පෙන්වා දෙන්නේ එම අරමුණ වෙනුවෙන් සියලූ දෙනා එක් රටක් ලෙස නැගී සිටිය යුතු බවයි.

රජය මුල පුරන ලද මතින් තොර රටක් ගොඩනැගීමේ ක්‍රියාදාමයට සක්‍රීයව දායක වීමට මෙම අලූත් අවුරුද්ද යොදාගන්නා ලෙසටයි ලබන්නා වූ අලූත් අවුරුද්දට සුබ පැතුම් එක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මානව ගරුත්වය සුරකින සංස්කෘතිකත්වය අගයන එක්සත් ජනතාවක් ලෙස උදාවන සිංහල දෙමළ අලූත් අවුරුද්ද සැමරීමට හැකිවීම ලක්වාසී සියලූදෙනා ලද භාග්‍යයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

සිංහල දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නිදහසේ අවුරුද්ද සැමරිය හැකි පරිසරයක් රට තුළ ගොඩනැංවී ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද උදාවන සිංහල දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක් කර තිබෙනවා.

ඔහු කියා සිටියේ වෙඩි හඩ නොඇසෙනා රටක අලූත් අවුරුද්ද සැමරීමට ලැබීම සියලූ දෙනා ලද භාග්‍යයක් බවයි.

මේ අතර අලූත් අවුරුද්දේ නව සමාජ ගමනක් සඳහා ජනතා බලයක් ගොඩනැගීමට අධිෂ්ඨාන කරගත යුතු බව අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories