යාපනය දිසාපති ආරක්ෂාව ඉල්ලයි

Thursday, 14 April 2016 - 12:48

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවන ලෙස යාපනය දිස්ත්‍රික් ලේකම් එන්.වේදනායගම් පොලිසියෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඔහු ලිපියක් යොමුකරමින් යාපනය පොලිස් අධිකාරී කාර්යාලයෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්.

පසුගිය සඳුඳා ඉඩම් අයිතිය ඉල්ලමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් අතරතුර විරෝධතාකරුවන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළා.

මෙවැනි සිද්ධීන් ඉදිරියට ඇතිවීම වළක්වා ගැනීම සදහා මෙලෙස යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවයි  හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories