අමරිකාවෙන් චෝදනාවක්

Thursday, 14 April 2016 - 19:10

%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජාතික සමගිය වැඩි කිරීම සඳහා පියවර රැසක් ගෙන තිබුනද පසුගිය වසරේ ශ්‍රී ලංකාව තුළ බරපතල මානව හිමිකම් ගැටලූ වාර්තා වූ බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.

එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ මානව හිමිකම් පිළිබඳව සිය වාර්ෂික වාර්තාව එළිදක්වමින්.

ලොව සෑම රටකම මානව හිමිකම් තත්ත්වය වාර්ෂිකව සලකා බැලෙන මෙම වාර්තාව ඊයේ (13) එළිදැක්වූයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින්.  

ඕමන්තේ මුරපොල වසා දැමීම, 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම, ජගත් සංවිධාන නියෝජිතයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව ලබාදීම, දෙමළ ඩයස්පෝරා සංවිධානවල සහ පුද්ගලයින්ට පනවා තිබූ තහනම ඉවත් කිරීම ආදී පියවර රැසක් එළිදැක්වූ මෙම වාර්තාව මගින් පැසසුමට ලක්කර තිබෙනවා.

නමුත් අන්තර්ජාතික සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතියේ වාර්තා උපුටා දක්වමින් ඇමරිකාව පවසන්නේ ආරක්ෂක අංශ විසින් සිදුකළ වධ දීම් සහ පැහැරගැනීම් මෙන්ම ලිංගික අඩන්තේට්ටම් 11 ක් 2015 වසරේදී වාර්තා වී ඇති බවයි.

පසුගිය වසරේ ජුනි මාසයේදී කිලිනොච්චියේදී 03 හැවිරිදි දැරියක් පැහැර ගැනීම සහ එම අවස්ථාවේදී එම දැරියගේ දෙමව්පියන් සහ ඥාති සහෝදරියන් දෙදෙනෙකු පොලිසියේ වධ හිංසනවලට භාජනයවීමද මෙම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත්, මානව හිමිකම් වාර්තාව එළිදක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සඳහන් කළේ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අභියෝග රැසක් පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories