ශ්‍රී ලංකාවේ වෙනස බ්‍රිතාන්‍යය වටහා ගත්තා - ඩේවිඩ් කැමරන්

Friday, 15 April 2016 - 7:53

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B7%80%E0%B6%A7%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+-+%E0%B6%A9%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A
බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකිකයන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවට සුබ නව වසරක් පතන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසනවා.

සිංහල - දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයෙකු විසින් සිංහල - දෙමළ නව වසරක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන්ට සුබ පතන ලද දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි බව බී.බී.සී. පුවත් සේවය පවසනවා.

දසලක්ෂ සංඛ්‍යාත ජනතාව නව වසර උදාවත් සමඟම එය සැමරීමට සිය පවුලේ සාමාජිකයින් සමඟ එක්වීමේ ඇති විශේෂ වැදගත්කම තමාට තේරුම් යන බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම, බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකීය ප්‍රජාව, වෘත්තීය, සේවා සහ ව්‍යාපාරික අංශවල නිරත වෙමින් බ්‍රිතාන්‍ය සමාජය සඳහා ඉටුකරන කාර්ය භාරයද අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් එහිදී අගය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තහවුරු කිරීම සහ සංහිඳියාව සඳහා බ්‍රිතාන්‍යයෙන් සැපයෙන දායකත්වය තවත් නංවාලන බව තමා දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති බව සිහිපත් කරන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වත්මන් පාලනය යටතේ එම ක්ෂේත්‍රවල දැනටමත් ලබා ඇති සැලකිය යුතු වර්ධනය තමා විසින් හඳුනාගෙන ඇති බවයි සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

ලැබූ නව වසර තුළ අතීත විරසකභාවයන් තුළින් ලද අමිහිරි මතක අමතක කර සියලූම ජන කොටස් එකට එකමුතු කරලීමේ අපේක්ෂාව වෙනුවෙන් තමන් ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයා සිය නිවේදනයෙන් අවධාරණය කර සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories