අවුරුදු සමයේ විදුලි කප්පාදු ගැන අග්‍රාමාත්‍යවරයා නිදහසට කරුණු ඉල්ලයි

Friday, 15 April 2016 - 12:50

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
සිංහල - දෙමළ අලූත් අවුරුදු සමයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් ලබන සඳුඳා වනවිට නිදහසට කරුණු දක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදාල බලධාරින්ට නියෝග කර තිබෙනවා.

සිංහල - දෙමළ අලූත් අවුරුදු සමයේ දිවයිනේ කිසිදු පළාතක විදුලිය කප්පාදු නොකරන ලෙස උපදෙස් ලබාදී තිබියදී ඊයේ දිනයේදී දිවයිනේ ස්ථාන කිහිපයක විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට මහජනතාවගෙන් පැමිණිලි ලැබී ඇති බව සඳහන්.

එම පැමිණිලි සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයා විදුලිබල අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩලයේ ඉහළපෙලේ නිලධාරීන්ට නියෝග කර ඇත්තේ අදාළ විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් තමා වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිංහල දෙමළ අලූත් අවුරුදු නිවාඩු සමයේ සංචාරය කළ හපුතලේ - කොස්ලන්ද සහ තංගල්ල ප්‍රදේශවලද විදුලිය විසන්ධිවීම විශේෂත්වයක්.

එහිදී විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් ජනතාව ඍජුවම සිය ප්‍රශ්න අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories