ගමේ ගිය අයට නැවත පැමිණෙන්න විශේෂ බස් සහ දුම්රිය සේවා අද සිට

Friday, 15 April 2016 - 13:11

%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
උත්සව සමයේ ගම්බිම් බලා පිටත්වූ ජනතාවට නැවත පැමිණීම සඳහා බස් රථ සහ දුම්රිය පහසුකම් අද දිනයේ සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරීන් ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන මාර්ග ආවරණය වන ලෙස අද (15) සිට ලබන 21 වනදා දක්වා විශේෂ දුම්රිය ගමන්වාර යොදවා ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 6000 කට අධික සංඛ්‍යාවක් උත්සව සමය සදහා අමතරව යොදවා ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක ප්‍රකාශ කළා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ පිට පළාත්වල සිට ප්‍රධාන නගර වෙත ධාවනය කෙරෙන බස් රථ සඳහා අදාළ පළාත් ප්‍රවාහන අධිකාරි මගින් අවශ්‍ය නිදහස් බලපත්‍ර මේ වනවිටත් ලබාදී ඇති බවයි.

ඒ අනුව ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සදහා අතිරේක බස් රථ යොදවා ඇති බවයි එම කොමිෂන් සභාවේ සභාපති එච්.හේමචන්ද්‍ර කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories