බෙල්ජියමේ ප්‍රවාහන ඇමතිනිය ඉල්ලා අස්වෙයි

Friday, 15 April 2016 - 16:36

%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බෙල්ජියමේ ප්‍රවාහන ඇමතිනි ජැක්ලින් ගැලන්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පසුගිය මාර්තු 22වනදා බ්‍රසල්ස් නුවර සැවැන්ටෙම් ජාත්‍යන්තර ගුවන් තොටුපලට සහ ප්‍රධාන උමං දුම්රිය ස්ථානයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය මෙම ඉල්ලා අස්වීමට හේතුව බවයි වාර්තාවන්නේ.

ගුවන් තොටුපලට සහ උමං දුම්රිය මධ්‍යස්ථානයේ පැවති ආරක්ෂක අඩුලූහුඩු කම් සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමතිවරියගේ අවධානය යොමු නොවීම සම්බන්ධයෙන් ඇයට  චෝදනා එල්ලවුණා.

එහිදී විරුද්ධ පාක්ෂිකයන් කියා සිටියේ ප්‍රවාහන ඇමතිවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

ඊට ප්‍රතිචාරයක් ලෙසයි ඇය අද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අයි.එස්. ත්‍රස්තයින් බ්‍රසල්ස් නගරයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පුද්ගලයින් තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories