විලියම් සහ කේට් යුවල අද ටාජ් මහලට

Saturday, 16 April 2016 - 11:06

%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A7%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
ඉන්දියාවේ සහ භූතානයේ සංචාරයක නිරත වන බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු සහ කේට් කුමරිය අද සිය සංචාරයේ අවසන් දිනයේ සුප්‍රකට ටාජ් මහල් සිහිවටනය නැරඹීමට පැමිණෙනවා.

ෂා ජහාන් කුමරු සිය මුම්ටාස් මහල් බිසවගේ හදිසි අභාවයෙන් ශෝකයට පත්ව 17 වන සියවසේ තැනූ ස්මාරකය විලියම් කුමරුට ද මතක සටහනක්.

ඒ 1992 වසරේදී ඉන්දියාවේ සංචාරය කළ විලියම්ගේ මව වන ඩයනා කුමරිය ටාජ් මහල ඉදිරිපිට තනිව හිද ගනු ලැබූ ඡායාරූපයයි.

ඩයනා කුමරිය, චාල්ස් කුමරුගෙන් වෙන් වීම ප්‍රකාශයට පත් කරන්නේ ද එම වසරේදී වීම විශේෂත්වයක්.

ඉන්දියාවේ සංචාරයෙන් අනතුරුව භූතානයේ දෙදිනක් ගත කිරීමෙන් අනතුරුවයි විලියම් කේට් යුවල අද ටාජ් මහල නැරඹීම සදහා අග්‍රාවට පැමිණෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories