විදුලිය කැපුවේ නැහැලූ

Saturday, 16 April 2016 - 12:51

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%96
සිංහල අලූත් අවුරුදු සමයේ දිගු කාලයක් ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි වූ බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එහි සභාපති අතුල වන්නිආරච්චි ප්‍රකාශ කළේ නඩත්තු කටයුතු වෙනුවෙන් පමණක් කෙටි කාලයක් විදුලිය විසන්ධි විය හැකි බවයි.

කෙසේ වෙතත්, සිංහල - දෙමළ අලූත් අවුරුදු සමයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් ලබන සඳුඳා වනවිට නිදහසට කරුණු දක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නියෝග කර ඇතැයි ඊයේ වාර්තා වුණා.

අග්‍රාමාත්‍යවරයා සිංහල දෙමළ අලූත් අවුරුදු නිවාඩු සමයේ සංචාරය කළ, හපුතලේ - කොස්ලන්ද සහ තංගල්ල ප්‍රදේශවලද විදුලිය විසන්ධිවීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, අදාළ ප්‍රදේශවල දිගු කාලයක් විදුලිය විසන්ධි වී නොතිබූ බවයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories