විග්නේෂ්වරන් හෙට ජනපති සහ අගමැති හමුවේ

Sunday, 17 April 2016 - 12:44

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර විශේෂ හමුවක් හෙට පැවැත්වෙනවා.

ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද සහභාගිවීමට නියමිත බවයි වාර්තාවන්නේ.

උතුරේ ඉඩම් ගැටළුව පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් සඳහන් කළා.

උතුරේ වැසියන්ට අයත් ඉඩම් රජයේ අවශ්‍යතාවන්ට ලබා නොගන්නා බවට ජනාධිපතිවරයා තමන්ට මීට ඉහතදී පොරොන්දු වූ බවයි ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ.

එම විශ්වාසය මත තමන් මෙම සාකච්ඡාවට සහභාගි වන බවද ඔහු සඳහන් කළා.

මෙහිදී නැවත පදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ස්ථීර ප්‍රතිපත්තියක් සකස් කිරීම කෙරෙහිද ප්‍රධාන අමාත්‍යවරයාගේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන්ද හෙට දිනයේදී ජනාධිපතිවරයා සමඟ අදහස් හුවමාරු කරගැනීමට තමන් සූදානම් බවයි උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories