තිරික්කල හිමියන්ගෙන් මැසිවිල්ලක්

Sunday, 17 April 2016 - 13:10

%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
මෙවර අවුරුදු උත්සව සඳහා තිරික්කල  ධාවන තරඟ තහනම් කිරිම හේතුවෙන් තමන්ට අසාධාරණයක් සිදුවී ඇති බව තිරික්කල හිමියන් පවසනවා.

වසරකට වරක් පැවැත්වෙන මෙම තරඟ සඳහා ගවයින් රැක බලාගැනීමට තමන්ට අධික වියදමක් වැයවෙන බවයි ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ සඳහා නීති සකස් කර මෙම ක්‍රීඩාව  අඛණ්ඩව පවත්වා ගැනීමට කටයුතු සළසන ලෙසට ඔවුන්  රජයෙන් ඉල්ලීමක් කරනවා.  

මෙවර අවුරුදු උත්සවවලදී සත්ව හිංසනය සිදුවන ක්‍රීඩා පැවැත්වීම තහනම් කරමින් පොලිස් ස්ථානවලට චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.

ඒ සත්ව හිංසනය වැළැක්වීමේ පනත යටතේයි.

එමඟින් අවුරුදු උත්සවවලට සතුන් යොදාගන්නා සහ අදාළ උත්සව සංවිධාන කරන පුද්ගලයින් නීතිය හමුවට ඉදිරිපත් කළ හැකිවනවා.

සතුන් වද හිංසාවලට ලක්වන බවට සත්ව හිංසනයට එරෙහි සංවිධාන කළ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත්කර තිබූ අතර මෙමඟින් අලි ඇතුන් ද අවුරුදු ක්‍රීඩාවලට යොදාගැනීම තහනම් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories