ජපාන භූ කම්පනය ගැන ජනපති ශෝකය පළ කරයි

Sunday, 17 April 2016 - 14:58

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජපානයේ කුමමොටා් භූ කම්පනවලින් විපතට පත් ජනතාව වෙනුවෙන් ශෝකය පළ කිරීමේ පණිවුඩයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජපානයේ අකිහිතෝ අධිරාජයා වෙත යොමුකර තිබෙනවා.

පසුගිය අප්‍රේල් 14 වනදා සහ 16 වනදා කියුෂු දිවයිනේ කුමමොටා් නගරය කේන්ද්‍ර කොටගෙන සිදුවූ මෙම භූ කම්පනවලින් පුද්ගලයන් 40 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූ සංඛ්‍යාව 2000 කට අධිකයි.

තවත් 73 000 ක් ජනතාව නිවෙස්වලින් ඉවත් කරගෙන තිබෙනවා. ජපාන අධිරාජයා වෙත යොමුකළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නිවේදනයේ දැක්වෙන්නේ මෙම ආපදාව පිටුදැක නැගී සිටීමට ජපාන ජනතාවට හැකියාවක් පවතින බවයි.

මෙම ඛේදජනක අවස්ථාවේදී ශ්‍රී ලාංකික ජනතාව ජපාන ජනතාව වෙත සහෝදරත්වය සහ මිත්‍රත්වය පළ කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories