පැසිෆික් කලාපයේ තවත් භූ කම්පනයක් අද සිදුවුණා.
ඒ, ටොංගා දිවයිනට ආසන්න මුහුදේදීයි.
රික්ටර් මාපකයේ 6.1ක් ලෙස සටහන් වූ මෙම භූ කම්පනයෙන් ජීවිත හෝ දේපළ හානි පිළිබදව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.
ලතින් ඇමරිකානු රාජ්‍යයක් වන ඉක්වදෝරයට ඊයේ රාත්‍රියේ බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
භූ කම්පනයෙන් තවත් 588 දෙනෙකු තුවාල ලැබුවා. මෙම භූ කම්පනයෙන් පසු ඉක්වදෝරයේ පළාත් 6ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා.
එමෙන්ම ජපානයේ කුමමෝටෝ සහ කියුෂි ප්‍රදේශවල ද පසුගිය දා භූ කම්පන දෙකක් වාර්තා වුණා.
ඉන් 41 දෙනෙකු මිය ගිය අතර තුවාල ලැබූ සංඛ්‍යාව 1500ක්.
ඊට අමතරව ඇෆ්ගනිස්ථානයේ සහ මියන්මාරයේ ද පසුගිය දා භූ කම්පන සිදුවුණා.

Follow US
Most Viewed Stories