ඉක්වදෝර භූ කම්පනයෙන් මියගිය ගණන 235 දක්වා ඉහළට

Monday, 18 April 2016 - 9:16

%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%AF%E0%B7%9D%E0%B6%BB+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+235+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඉක්වදෝරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 235 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජනාධිපති රෆායෙල් කොරයා පවසනවා. 

ඔහු කියා සිටියේ මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි. භූ කම්පනයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 1500 ක්.  

රික්ටර් මාපකයේ 7.8 ක අගයක් ගත් මෙම භූ කම්පනය අසල්වැසි පේරු සහ කොලොම්බියාව යන රටවලටද දැනී තිබෙනවා. 

විපතට පත්වූවන් මුදාගැනීම  සඳහා හමුදා සහ පොලිස් නිලධාරීන් 15000 කට ආසන්න පිරිසක් යොදවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories