බංගලාදේශ සයිබර් වංචාවට සම්බන්ධ ලාංකිකයින් 8දෙනා හඳුනාගැනේ

Tuesday, 19 April 2016 - 9:09

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+8%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
බංගලාදේශ මහ බැංකුවට අයත් ඩොලර් මිලියන 100 ක මුදල් සොරාගැනීමේ සයිබර් වංචාව සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 8දෙනා ඇතුලු සැකකරුවන් 20 දෙනා හඳුනාගෙන තිබෙනවා.

එම සැකකරුවන් සයිබර් හැකර්වරුන් නොවන බවට ද අනාවරණය කර ගත් බවයි  බංගලාදේශ විමර්ශන කණ්ඩායම් සඳහන් කර අැත්තේ.

කෙසේ වෙතත් අදාළ සැකකරුවන්ගේ අනන්‍යතාව මෙතෙක් හෙළිකර නැහැ.

පසුගිය පෙබරවාරි 4 ත් 5 ත් අතර කාලය තුල අමෙරිකානු ෆෙඩරල් සංචිතවල තැන්පත් කර ඇති බංග්ලාදේශ මහ බැංකුවට අයත් ඩොලර් බිලියනයක මුදලක් පිලිපීනයට සහ ශ්‍රී ලංකාවට එවා තිබුණා.

පිලිපීනයේ කැසිනෝ ශාලා කිහිපයකටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයකටත් මෙලෙස එම මුදල් එවා තිබුණා.

ශ්‍රී ලංකාවට එවන ලද ඩොලර් මිලියන 20 සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව දැනුවත් කිරීමත් සමගයි මෙම සයිබර් වංචාව අනාවරණය වුයේ.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබු ශ්‍රී ලාංකීය රාජ්‍ය නොවන සංවිධානයේ නියෝජිතයින්ට මෙරටින් පිටවීමට අදාළ තහනම් නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.

ඊට අදාළ පරීක්ෂණවලට ශ්‍රී ලංකා - පිලිපීන - බංග්ලාදේශ පොලිසිවල හා එෆ් බී අයි ආයතනයේ සහය හිමිව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories