අවුකන අනුරුවේ මුදුනට නැගි පුද්ගලයා ඇද වැටී මරුට

Wednesday, 20 April 2016 - 11:31

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%9A%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%87%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මතුගම  බටමුල්ල ප්‍රදේශයේ   නිර්මාණය කර තිබු  අවුකන බුදු පිළිම අනුරුවෙහි  තිබු බඹර වදය ඉවත් කිරීමට ගිය පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ ඊයේ රාත්‍රි  10යේ සිට දඹාන ආදීවාසී පුද්ගලයින්ගේ  සහයෝගයෙන් බඹර වදය ඉවත් කිරීමට කටයුතු  ආරම්භ කර තිබු බවයි.

එම අවස්ථාවෙිදී කඹයක ආධාරයෙන් පිළිමයෙහි ඉහළට නගිමින් සිටි පුද්ගලයෙකුයි එලෙස මිය ගොස් ඇත්තේ.   

52 හැවිරිදි ඔහුගේ මෘත ශරීරය කලුතර රෝහලේ තැන්පත් කර තිබෙනවා.  

මෙම පිළිමය ආසියාවේ උසම හිටි පිළිමය ලෙසයි සැළකෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories