ගිණිඅවි සොරකම් කිරීමට පෙර ලග්ගල පොලිසීයේ මත් පැන් සාදයක්

Thursday, 21 April 2016 - 6:47

%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB++%E0%B6%BD%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%93%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගිනි අවි සොරකම සිදුවීමට පෙර ලග්ගල පොලීසියේ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව මත්පැන් සාදයක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පොලීසිය තුළ පවත්වා ඇති මෙම සාදයට පිටස්තර පුද්ගලයන් කිහිපදෙනෙකුද සම්බන්ධ වී ඇති බවට හෙළිවී ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

පසුගිය 14 වනදා අලූයම ලග්ගල පොලීසියේ ගිනි අවි තැන්පත් කර ඇති ආරක්ෂක පෙට්ටිය විවෘත කර එහි තිබූ ටී 56 ගිනි අවියක් සහ රිවෝල්වර 5 ක් සොරකම් කර තිබුණා.

පසුව සිදුකළ පරීක්ෂණවලදී මෙම ගිනි අවි සොයාගනු ලැබුවේ ලග්ගල පොලිසියට කිලෝමීටර් 5 ක් පමණ දුරින් පිහිටි වැල්ලෙවෙල - සදගල විහාරස්ථානයේ ජල ටැංකියක් අසල දමා ගොස් තිබියදියි.

සිද්ධිය සම්බන්ධයෙන් අවි සොරකම සිදුවන අවස්ථාවේ සේවයේ නිරතව සිටි නිලධාරින් තුන්දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද පියවර ගැනුනා.

මේ අතර සොයාගත් ගිනි අවි කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ආවේ වැඩිදුර පරීක්ෂණ සඳහායි.

එමෙන්ම ලග්ගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් ඇතුලූ 150 දෙනෙකුගෙන් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මේ දක්වා සිදුකළ පරික්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ලග්ගල පොලීසිය තුළ සිදුවූ අභ්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස අවි සොරකම සිදුව ඇති බවටයි.

අප්‍රේල් 13 වනදා රාත්‍රියේ ලග්ගල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ කාමරය තුළ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එය මැදියම් රාත්‍රිය වනතුරු පැවති බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

ඒ අනුව ලැබී ඇති තොරතුරු ඔස්සේ තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories