කොළඹ - කෑගල්ල සහ කුරුණෑගලට තද සුළං

Thursday, 21 April 2016 - 12:45

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82
කොළඹ කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට වර්ෂාවත් සමග ඊයේ (20) ඇති වූ තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 100 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුවී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 75 කට ද කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 20 කට ද දැඩි සුළගින් හානි සිදුව ඇති බවයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ද ඊයේ ඇති වූ සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 10 කට පමණ හානි සිදුව තිබෙනවා.

මේ අතර මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමග තද සුළං මෙන්ම අකුණු ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ අකුණු අනතුරුවලින් පුද්ගලයින් 4 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories