සීකා වෛරසය ගැන රෝග ආවේක්ෂණ වැඩපිළිවෙලක්

Thursday, 21 April 2016 - 13:10

%E0%B7%83%E0%B7%93%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B6%86%E0%B7%80%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
අලූත උපදින දරුවන්ට විකෘතිතා ඇති කරන සිකා වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පුළුල් රෝග ආවේක්ෂණ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සදහන් කළේ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය යටතේ සියලූ රෝග ආවේක්ෂණ කටයුතු ක්‍රියාත්මක බවයි.

සිකා වෛරසය ඇමරිකානු සහ අප්‍රිකානු කලාපයේ මේ වනවිටත් සීඝ්‍ර ලෙස පැතිර ගොස් අවසන්.

බ්‍ර‍්‍රසීලය, කොලොම්බියාව සහ පැනමා රාජ්‍යයන් සිකා වෛරසයෙන් දැඩි ලෙස පීඩා විඳින රටවල් බවට පත්ව තිබෙනවා.

ඊඩ්ස් වර්ගයේ මදුරු විශේෂයකින් පැතිර යන බවට මුලින් අනාවරණය වූ සිකා වෛරසය මේ වනවිට ලිංගික සංසර්ගයෙන් ද පැතිර යා හැකි බව හෙළි වී තිබෙනවා.

ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාව පිළිබද සගරාවක් වන ඊ - ලයිෆ් සගරාව එළි දැක්වූ නවතම සිකා වෛරස් සිතියමට අනුව බිලියන දෙකකට අධික ජනතාවක් සිකා අවදානම් කලාපවල ජීවත්වන බවටයි හෙළිව ඇත්තේ.

ඇමරිකාව අප්‍රිකාව සහ ආසියාතික කලාපය ද ඒ අතර විශේෂයි.

බී බී සී ප්‍රවෘත්ති සේවය ප්‍රසිද්ධියට පත් කර තිබූ අදාළ සිතියමේ සිකා අවදානම් රටක් ලෙස ශ්‍රී ලංකාව ද වර්ණ ගන්වා තිබෙනවා.

කෙසේ වෙතත් අප කළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළේ සිකා වෛරසය පැතිර යාම පිළිබද ශ්‍රී ලංකාව මෙතෙක් අවදානමකට මුහුණපා නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories