සිනමාවේදී ආචාර්ය ඩී.බි නිහාල්සිංහ අභාවප්‍රාප්ත වෙයි

Thursday, 21 April 2016 - 15:08

%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%A9%E0%B7%93.%E0%B6%B6%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීන අධ්‍යක්ෂවරයෙකු සහ කැමරා අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය ඞී.බී.නිහාල්සිංහ අද අභාවප්‍රාප්ත වුණා.

මියයන විට 77 වන වියේ පසුවූ ආචාර්ය ඞී.බී.නිහාල්සිංහ, වැලිකතර චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහ , සත්සමුදුර සහ දහසක් සිතුවිලි යන චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව, චිත්‍රපට සංස්කරණ ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති ආචාර්ය ඞී.බී.නිහාල්සිංහ කැළණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්වරයෙකු ලෙස ද කටයුතු කර ඇති බව සදහන්.

ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ ප්‍රථම වර්ණ ටෙලිනාට්‍ය වන "දිමුතු මුතු" අධ්‍යක්ෂවරයා වන්නේ ආචාර්ය ඩී.බි නිහාල්සිංහ මහතායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories