සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන තනතුරු අහෝසි කෙරේ

Friday, 22 April 2016 - 13:06

%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැඩබලන තනතුරු අහෝසි කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න උපදෙස් ලබාදී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රමට මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි.

ඉදිරියේදී පරිපාලන තනතුරක් සදහා කිසියම් අයෙකු බදවා ගැනීමේදී ස්ථිර තනතුරුවලට පමණක් පත් කරන ලෙස ද අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබාදී ඇති බව සදහන්.

ඒ අනුව වෛද්‍ය ජ්‍යෙෂ්ඨ ශ්‍රේණියේ තනතුරු 16 ක් සදහා බදවා ගැනීම සිදුකිරීමට කටයුතු කිරීම මෙන්ම මේ වනවිට වැඩබලමින් වසර ගණනාවක් තිබූ වෛද්‍ය කළමනාකරණ සේවයේ තනතුරු 79 ක් ද ස්ථිර කිරීමට කටයුතු කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories