Update : බම්බලපිටියේදී හෙරොයින් සමඟ මාලදිවයින් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Saturday, 23 April 2016 - 8:28

Update+%3A+%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 280ක් සමඟ අත්අඩංගුවට ගත් මාලදිවයින් ජාතිකයින් දෙදෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමේදී බම්බලපිටිය හෝටලයක් තුළදී ඊයේ රාත්‍රියේ අදාළ හෙරොයින් තොගය සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ත්, 28ත් අතර පසුවන මාලදිවයින් ජාතිකයින් දෙදෙනෙක්. මෙම අත්අඩංගුවට ගැනීම පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ක්‍රියාත්මක වන හෙරොයින් ජාවාරමට අදාළව කරන ලද වැටලීමක් බව ද පොලීසිය සදහන් කළා.

මේ සඳහා මාලදිවයින් බලධාරීන්ගේ සහාය ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ලැබුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

මේ අතර, පසුගිය දා දකුණු මුහුදේදී දී හෙරොයින් කිලෝග්‍රෑම් 110ක් සමඟ ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකු ඇතුළු විදේශිකයින් 17 දෙනෙකු පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා.

පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට මෙම මත්ද්‍රව්‍ය රැගෙනවිත් තිබුණේ ඉරාන නෞකාවකින්.

එම නෞකාවේ සිටි පාකිස්තාන ජාතිකයෙකු සහ ඉරාන ජාතිකයින් දස දෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් අතර පසුව සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

දකුණු ආසියානු කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා කලාපීය රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පාකිස්තානය, ඉන්දියාව, මාලදිවයින, ඇෆ්ගනිස්ථානය යන රටවල් සමඟ බුද්ධි තොරතුරු හුවමාරුව සහ ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කර ඇති බව සදහන්.

මීට අමතරව මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පසුගිය දා ඇෆ්ගනිස්ථානයේ නීති කටයුතු භාර ඇමතිවරිය සහ පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යවරයා සමඟ සිදුකළා.

Update : Saturday, April 23, 2016 13.01
----------------------------------------------------

හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 280ක් සමඟ මාලදිවයින් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමේදී අදාළ හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30ත්, 28ත් අතර පසුවන මාලදිවයින් ජාතිකයින් වනවා.

මෙම අත්අඩංගුවට ගැනීම පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ක්‍රියාත්මක වන හෙරොයින් ජාවාරමට අදාළව කරන ලද වැටලීමක් බව ද පොලීසිය සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories