උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කිරීමට සූදානම්

Sunday, 24 April 2016 - 7:00

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ඇමරිකා එක්සත් ජනපදය දකුණු කොරියාව සමග පවත්වන වාර්ෂික ඒකාබද්ධ යුද අභ්‍යාසය නතර කරන්නේ නම් තමන් සිදුකරන න්‍යෂ්ටික අත්හදා බැලීම් අත්හිටුවීමට සූදානම් බව උතුරු කොරියාව ප්‍රකාශ කළා.

උතුරු කොරියානු රජයේ ප්‍රතිපත්ති සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියට පත් කරන්නේ එරට නායක කිම් ජොන් අං විසින් වුවත්, ඊයේ මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ එරට විදේශ අමාත්‍ය රී සු යොං විසින්.

දකුණු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය කොරියානු අර්ධද්වීපයට අයත් මුහුදේ වාර්ෂික යුද අභ්‍යාසය පවත්වන්නේ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනවලට සූදානම් වීමක් බව පවසමින්.

මේ අතර, උතුරු කොරියාව ඊයේ සබ්මැරීනයකින් බැලිස්ටික් මිසයිලයක් සාර්ථක ලෙස නිකුත් කළ බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව සඳහන් කළා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories