හමුදා කඳවුරකට ගියේ නැහැ

Monday, 25 April 2016 - 12:47

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
තමන් බලහත්කාරයෙන් යුද හමුදා කදවුරකට ඇතුළු නොවූ බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සදහන් කළේ දෙමළ ජනතාවට අයත් බව කියන කිලිනොච්චියේ පිහිටි ඉඩම් පරීක්ෂා කිරීම සදහා පමණක් තමන් එහි ගිය බවයි.  

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් කිලිනොච්චි - පරවිපංජාන් ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරු භූමියට පසුගිය 16 වනදා  බලහත්කාරයෙන් ඇතුළු වූ බවට මාධ්‍ය වාර්තා පළව තිබුණා.

විපක්ෂ නායකවරයාට අමතරව, දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.ශ්‍රීධරන් සහ එම්.ඒ සුමන්දිරන් ද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මෙම කදවුරේ අණදෙණ නිලධාරිවරයා ඇතුළු පිරිසක් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය දැනට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මේ පිළිබදව අප යුද හමුදා මාධ්‍ය අංශයෙන් ද විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ විපක්ෂ නායකවරයා කලින් දැනුම්දීමකින් තොරව හමුදා කඳවුරු නිරීක්ෂණය සදහා පැමිණ ඇති බවයි.

විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසක් කිලිනොච්චියේ පිහිටි යුද හමුදා කදවුරු ප්‍රදේශයකට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට අනාවරණ වූයේ ඒකාබද්ධ විපක්ෂය කොළඹ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවත් සමගයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories