කරුවලගස්වැව සුසාන භූමියේ ඇට සැකිලි කාගේද ?

Monday, 25 April 2016 - 13:31

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%E0%B6%AF+%3F
කරුවලගස්වැව පොදු සුසාන භූමියේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක කොටස් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව ඊයේ (24) මෙම ශරීර කොටස් සොයා ගෙන ඇති අතර මළ සිරුර තිබූ ස්ථානය ආසන්නයේ තිබී මිනි පෙට්ටියක් ද හමුවී ඇති බවයි කරුවලගස්වැව පොලිසිය සඳහන් කළේ.

එම ශරීර කොටස් මාස 5 කට පමණ පෙර මියගිය අයෙකුගේ බවට පොලිසිය සැකකරනවා.

මෑතකදී මියගිය අයෙකු මෙම සුසාන භූමියේ මිහිදන් කර නොමැති බවත් ඒ අනුව පිටස්තර ප්‍රදේශයකින් මෙම මළ සිරුරේ කොටස් සහ මිනි පෙට්ටිය මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

ඊයේ අදාළ ස්ථානයට පැමිණි පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් ඉක්බාල් මොහොමඞ් පොලිසියට නියෝග කළේ මෙම ශරීර කොටස් පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබද තොරතුරු අධිකරණයට වාර්තා කරන ලෙසයි.

 ඒ අනුව මළ සිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ අද පස්වරුවේ පුත්තලම රෝහලේදී සිදුකෙරෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories