ලග්ගල අවි සොරකම ගැන පොලිසියේ 4 දෙනෙකුගෙන් ප්‍රශ්න කෙරේ

Tuesday, 26 April 2016 - 7:10

%E0%B6%BD%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD++%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ලග්ගල පොලීසියේ සිදුවූ අවි සොරකම සම්බන්ධයෙන් එහි සේවය කරන පොලිස් නිලධාරීන් 4 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

සොරකම සිදුවූ දිනයේ සේවය කළ දැනට වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරීන් 3 දෙනා ද ඊට ඇතුළත්.

ඒ අනුව පොලිස් සැරයන්වරයෙකු, කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ පොලිස් ආරක්ෂක සහායකවරයෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළා.

ලග්ගල පොලිසියේ අවි තැන්පත් කර ඇති ආරක්ෂක පෙට්ටිය විවෘත කළ පුද්ගලයෙකු එහි තිබූ ටී 56 ගිනි අවියක් සහ රිවෝල්වර 5ක් සොරකම් කර තිබුණේ පසුගිය 14 වන දා අලූයම් කාලයේදියි.

සොරකම් කළ මෙම ගිනි අවි පොලිසියට කිලෝමීටර් 5 ක් පමණ දුරින් පිහිටි වැල්ලෙවෙල - සදගල විහාරස්ථානයේ ජල ටැංකියක් අසල දමා ගොස් තිබියදී සොයා ගැනුණා.

කෙසේ වෙතත් මෙම අවි සොරකම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories