ශ්‍රී ලංකාව යුරෝපයේ සිට චීනය දක්වා නිදහස් ආර්ථික කලාපයක් නම් කරයි

Tuesday, 26 April 2016 - 7:19

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
යුරෝපය, චීනය, සිංගප්පූරුව සහ ඉන්දියාව ඒකාබද්ධ කර ගනිමින් විශේෂ ආර්ථික කලාපයක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල ඉලක්ක කර ගනිමින් මෙම විශේෂ කලාපය නම් කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබන ජුලි මාසයේදී පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

නව ආර්ථික කලාපය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ශ්‍රී ලංකාවට ලෝකයේ දෙවන විශාලතම වෙළදපොළට ඇතුලත් වීමේ අවස්ථාව ද හිමි වන බවයි රජයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

මෙලෙස ආර්ථික කලාපයක් නම් කිරීමෙන් ඊට අයත් වන රටවල් ශ්‍රී ලංකාව සිය ආර්ථික කටයුතු මෙහෙයවීමේදී ප්‍රමුඛත්වය ලබාදෙන රටවල් ලෙස හැදින්විය හැකි බවයි රජය ප්‍රකාශ කරන්නේ.

යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීමත් සමඟම යුරෝපා සංගමය නියෝජනය කරන රටවල් 28ක් ද එට්කා ගිවිසුම හරහා ඉන්දියාව ද නිදහස් වෙළද ගිවිසුම හරහා සිංගප්පූරුව සහ චීනය සමඟ ද මෙම ආර්ථික කලාපයට ඇතුළත් වනු ඇති.

මෙම ආර්ථික කලාපයේ රටවල මුදල් ඒකකවලින් ගනුදෙනු කිරීමේ හැකියාව මෙරට ව්‍යාපාරිකයන්ට ද හිමි වන බව රජයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories